වවුනියාව ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා විය. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 2.3ක් ලෙස සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේය.

ඊයේ (18) රත්‍රී 10.55ත් 11.10ත් අතර කාලසීමාව තුළ මෙම භූ කම්පනය සිදුව ඇත.
කම්පන බලපෑම වවුනියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට ද දැනී ඇති බව වාර්තා වේ.

මෙම භූ කම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බව එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share.

Comments are closed.