දකුණුදිග පාකිස්තානයේ ව්‍යාප්ත වන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 568 දෙනකු දැනට ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම පළාතේ ගිලන් රථ සේවාව සඳහන් කර ඇත්තේ මළසිරුරු 30ක් 40ක් අතර ප්‍රමාණයක් දෛනිකව මෝචරියට ප්‍රවාහනය කරන බවය. පසුගිය දින කිහිපයේදී කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගිය බවත්, පසුගිය අඟහරුවාදා දිනයේදී පමණක් පුද්ගලයන් 141 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Share.

Comments are closed.