ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඊළඟ ප්‍රධාන පුහුණුකරු කවුරුන්ද යන්න පිළිබඳ මේ වනවිට විශාල කතා බහක් නිර්මාණය වී ඇත.

ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩි අවධානයක් යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

එමෙන් ම තවත් විදේශ පුහුණුකරුවන් තිදෙනෙකු පිළිබඳව ද ඔවුන් සලකා බලමින් සිටින බව ද ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

එම පිරිස අතරින් තරුණම පුහුණුකරු ක්‍රිස් රොජර්ස් වන බව සඳහන්ය. ඔහු මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි කටයුතු කරයි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ද සඳහන් අතර
ඉන්දීය තරගාවලියට පෙර නව පුහුණුකරුවෙකු පත් කරගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණ බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.