මෙතෙක් ශ්‍රී ලංකාවේ බිම් අඟලක්වත් අයිති නොමැතිව සිටි පවුල් ලක්ෂ 24 ට මේ දිනවල රජයේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන ‘උරුමය’ ඔප්පු ප්‍රදානයත් සමඟ රටේ ඉඩම් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් උද්ගත වී ඇතැයි වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ කියති.

රජය සතු ඉඩම් විශාල ප්‍රමාණයක් ඔප්පු මඟින්  ලක්ෂ 24 ක ජනතාවට පෞද්ගලික අයිතියට පැවරීම තුළින් මෙරටේ විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන එය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සඳහන් කර තිබේ.

මේ අයුරින් ඉඩම් අහිමිව සිටි විශාල ජන කොටසකට ඉඩම්වල සින්නක්කර හිමිකම ලැබීමත් සමග පෞද්ගලිකව ඉඩමක අයිතිය හිමිකර ගැනීමට තිබු වුවමනාව පහළ යාමක් සිදුවන නිසා ඉඩම්වලට තිබෙන ඉල්ලුම අඩුවීමෙන් නිසැකවම ඉඩම් මිල පහළ බැසීම සිදුවන බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ තවදුරටත් සඳහන් කරති.

Share.

Comments are closed.

Exit mobile version