පසුගිය 2024 ජූනි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 4.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව 2024 මැයි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදේශ විනිමය සංචිතය ජූනි මාසය තුළ දී ඩොලර් මිලියන 5,368 සිට ඩොලර් මිලියන 5,601ක් දක්වා 4.3% කින් වැඩි වී තිබීම නිල සංචිත වත්කම් හි වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ඇතුලත් බවද සඳහන්.

එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.