ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව විසින් සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොග,නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ දහන උඳුනේ ඊයේ(11)යලිත් ක්‍රියාත්මක කෙරුණි.

විනාශ කෙරුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණය ‍කොකේන් කිලෝග්‍රෑම් 355 ග්‍රෑම් 881 කි.
මෙම ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් මිලියන 7829 කට ආසන්නය.

මත්ද්‍රව්‍ය තොගය ඊයෙ උදෑසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් භාරගෙන විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව යටතේ උඳුන පිහිටි වනාතවිල්ලුව පොලිස් වසමේ ලැක්ටෝස් වත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක හා මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශ නිලධාරීන් ඉදිරිපිට පූර්ණ විනිවිදභාවයකින් යුතුව විනාශ කෙරිණ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක්වූහ.

Share.

Comments are closed.