ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ගෙවීමට තිබූ ණය මුදල්වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් ඊයේ(15) ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේදි 2021 සිට ඩොලර් මිලියන 251ක මුදලක් ඉරාන රජයට හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදු වූ අතර මෙම මුදල ගෙවීමට ඉරාන රජය සමග කළ සාකච්ඡා අනුව ඉරානයට අපනයනය කරනු ලබන තේ වලින් එම හිඟ මුදල පියවීමට ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර ගිවිසුමක්ද අත්සන් කරනු ලැබීය.

Share.

Comments are closed.