සිනමා ශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

වේදිකා නාට්‍ය නැරඹීමට යාමේ දී ප්‍රේක්ශකයින්ට කැමරා, ජංගම දුරකථන රැගෙන යාමට අවස්ථාව හිමි නොවේ.

ඒ අනුව චිත්‍රපට ශාලාවට ද කැමරා සහ ජංගම දුරකථන රැගෙන යාම වළක්වාලමින් වහාම නීතියක් සැකසිය යුතු බව සිනමා නිර්මාණකරු ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඒ සඳහා චිත්‍රපට සංස්ථාව මැදිහත්ව කටයුතු කළ යුතු බව වැඩිදුරටත් ඔහු සඳහන් කලේය.

Share.

Comments are closed.