ඉන්දියාවේ ගෝවා හි සිට නාවික සැතපුම් 120ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ යාත්‍රාව ගුජරාටි ප්‍රාන්තයේ මුන්ද්‍රා වරායේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් තිබියදී මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බව සඳහන් වේ.

මෙම නෞකාව ජාත්‍යන්තර සමුද්‍රීය අන්තරායකර භාණ්ඩ (IMDG) භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි බව වාර්තා වේ. නෞකාවේ ඉදිරිපස කොටසේ පිපිරීම් සමග ගිනි ගැනීම් වාර්තා වී ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ පාරිසරික ව්‍යසනයක් වළක්වා ගැනීමට සහ යාත්‍රාවේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගිනි නිවීමේ උත්සාහයන් ක්‍රියාත්මක වූ බවය.

රළු මුහුද සහ අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ මෙම ගින්න නිවීමට බලධාරීන් කටයුතු කර ඇති අතර අදාළ වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Share.

Comments are closed.