Karma Fight League හෙවත් KFL තෙවන අදියර ලබන 27 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙහි දී තරගකරුවන්ට රුපියල් මිලියන 1.2කට වැඩි මුදලක් පිරිනැමීමට නියමිතයි. තරගාවලියට ශ්‍රී ලංකාවේ අපරාජිත සටන් ශිල්පිනිය වන 22 හැවිරිදි නිමේෂා කුමාරි සහභාගී වීමට නියමිතයි.

එම තරඟයේදී ඇයගේ ප්‍රතිවාදියා වන්නේ ඉන්දියානු ක්‍රීඩිකාවක් වන 18 හැවිරිදි නෆීසා නයීම්ය.

වෘත්තීමය වශයෙන් මෙම ක්‍රීඩාවේ නිරත වීමසඳහා ඇයට අවශ්‍ය පූර්ණ අනුග්‍රහය මේ වනවිට Asian Security Group ආයතනය ලබා දීමටයි කටයුතු කර තිබේ.

එහි දී වෛද්‍ය කටයුතු සඳහා දීමනාවක් ද හිමි වන බව වාර්තා වේ.බොක්සිං නොවන සටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සන්නාම තානාපතිත්වය ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය වීමත් විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව තුළ Karma FightLeague නැතහොත් KFL පළමු අදියර ආරම්භ වූයේ 2024 වසරේ අගෝස්තු මස 26 වැනිදායි.
පෙර අත් නොවිඳි ගණයේ අත්දැකීමක් මෙරටසටන් කලාවට එක් කිරීම එහි ප්‍රධානතම අරමුණ විය.

ඒ අනුව වෘත්තීමය සටන් ශිල්පිනියක් බිහි කිරීමටත් මෙතෙක් නොලැබුණ මූල්‍යමය වටිනාකමක් ලබාදීමටත් KFL කටයුතු කර තිබේ.
මෙම සටන් ක්‍රමය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින් K-1 සටන් ක්‍රමවේදය එක් කරමින් නවමු වෙනසක් ඇති කර ඇත.

ජපානය තුළ ආරම්භ වූ K-1 ලොව පුරා උන්මාදයක් ලෙස ඉතා සීඝ්‍රයෙන් පැතිර ගිය ද එය 2008 වසරේ දී බිඳවැටුණු බව සඳහන්ය. කෙසේ වෙතත් මේ වනවිට එය යළිත් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී.

K-1 ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණ වුණේ කුංෆු, කරාටේ, මුවාතයි සහ බොක්සින් ආදී විවිධ සම්ප්‍රදායන්වල සටන්කරුවන් එකම වළල්ලකට ගෙන ඒමයි. මෙම තරග සියල්ල The Taprobane හිදී පැවැත්වෙන අතර ප්‍රවේශ පත්‍ර mytable.lk වෙබ් අඩවියෙන් ලබා ගැනීමේ පහසුකම් සපයා තිබේ.

Share.

Comments are closed.