එළඹෙන 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ 60ක මුල්‍ය අනුග්‍රාහයක් ලබාදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කටයුතු යොදා ඇත.

මීට අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම ඊයේ (20දා) සිදුවිය. මේ අතර චීනයේ හංජෝහිදී පැවති පසුගිය ආසියානු ක්‍රීඩා සහ පැරා ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනූ සහ මුල් ස්ථාන අට අතරට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා ත්‍යාග මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.

Share.

Comments are closed.