මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ  රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව කීවෙි  කුරුණෑගල  එපිටොම් හෝටල් පරිශ්‍රයේ  පැවති “අභිමන් 2024”  උත්සවයට එක්වෙමිනි.

මෙරට ආර්ථිකය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදෙන විදේශ රැකියා නියෝජිත ආයතන අගයමින් සහතික පත් හා සමරු තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

Share.

Comments are closed.