තම රටේ රජයට එරෙහිව ගල්ෆ් රාජ්‍යයේ විරෝධතා පැවැත්වූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට එමීර් රාජ්‍යයේ අධිකරණයක් මගින් දීර්ඝ සිරදඬුවම් නියම කර ඇත.

පසුගිය සිකුරාදා එමීර් රාජ්‍යය පුරා වීදි කිහිපයක කැරලි ඇති කිරීම සම්බන්ධයෙන්  ඔවුන් මෙලෙස සිරගත කර තිබේ. මෙම පිරිස මෙලෙස තම රජයට එරෙහිව විරෝධතා පවත්වා ඇත්තේ, බංග්ලාදේශයේ පවතින විරෝධතාවලට සහය දැක්වීමක් ලෙසිනි.

එහිදී විත්තිකරුවන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර තවත් 53 දෙනෙකුට වසර 10 ක් සහ එක් අයෙකුව වසර 11 කට සිරගත කර ඇති බව වාර්තා වේ.

රැස්වීම්වලට සාපරාධී චේතනාවක් නොමැති බවත් සාක්ෂි ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා තර්ක කර ඇති අතර නමුත් එමීර් රාජ්‍යයේ මේ ආකාරයේ මහජන විරෝධයක් පැවතීම කෙරෙහි රජය දක්වන්නේ දැඩි ප්‍රතිචාරයකි.

එමීර් රාජ්‍යයේ විරෝධතා පැවැත්වීම නීති විරෝධී වේ. කෙසේ වෙතත් එමීර් රාජ්‍යයේ ජනගහනයෙන් 90%ක් පමණ විදේශිකයන්වන අතර ඉන් බංග්ලාදේශ ජාතිකයන් තුන්වන විශාලතම විදේශගත කණ්ඩායමයි.

මේ අතර, බංග්ලාදේශයේ, රජයේ රැකියා සඳහා කෝටාවට එරෙහිව ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද උද්ඝෝෂණ හේතුවෙන් දින කිහිපයක ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් මිය ගොස් 500ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සමහර විරෝධතා නායකයින් රජයට බල කර සිටියේ රටපුරා ඇඳිරි නීතිය ඉවත් කර අන්තර්ජාල සේවා යථා තත්ත්වයට පත් කිරීමට රජයට පැය 48 ක අවසාන නිවේදනයක් ලබා දෙන බවයි.

Share.

Comments are closed.