ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා කියා සිටියි.

මොරිසන් මහතා මේ බව කීවෙි  Geopolitical Cartographer” විසින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සංවිධානය කරන ලද කතිකාවතකට එක්වෙමිනි. “ඕස්ට්‍රේලියාව සහ ඉන්දියන් සාගරය” යන මැයෙන් මෙම කතිකාවත පැවැත්විණි.

ඉන්දියන් සාගර කලාපයේ රටවල් තම ජාතික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, බලහත්කාරයෙන් හෝ ඔවුන්ගේ ස්වෛරීභාවය පිළිබඳ ගැටලුවකට තුඩු දිය හැකි ආකාරයේ විධිවිධානයන්ගෙන් වැලකී සිටිය යුතු බවත් ස්කොට් මොරිසන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන , හිටපු කථානායක කරු ජයසූරිය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ලලිතා කපූර් ( Lalita Kapur), ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු ටර්ගට් (Semih Lütfü Turgut), ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කත්සුකි කතරෝ (Katsuki Kotaro), ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ධූත මණ්ඩල ප්‍රධානී ඩග්ලස් සොනෙක් (Douglas Sonnek) මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.

Share.

Comments are closed.