දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා පිළියෙල කිරීම සඳහා ලැබෙන ඩොලර් මිලියන 1.23ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

“ගෝලීය පරිසර පහසුකම” මෙම ප්‍රදානය ලබාදීමට එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.
2024-2028 කාල සීමාව තුළ එකී වාර්තා සකස් කර ඉදිරිපත් කිරීමට අදාලව අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස පරිසර අමාත්‍යාංශය විසින් ගෝලීය පරිසර පහසුකම වෙත ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘති වාර්තාව අනුව මෙම ප්‍රදානය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.

එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාල ගිවිසුම් වලට එළැඹීම පිණිස පරිසර අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

Share.

Comments are closed.