දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23)ප්‍රකාශ කලේය.
මෙය ‘වරදක් නැති දික්කසාද’ නමින් හැඳින්වෙන අතර මේ වන විට එය කෙටුම්පත් අවසන් කර ඇති බව ඔහු පවසයි. නව පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය පැවරෙන බව අමාත්‍යවරයා සඳහන් කලේය.
නව අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ විදේශ විනිශ්චයන් බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල ලබාදෙන තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට ද ඉඩ සැලසෙන බව ඔහු කියා සිටියේය.