ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ  බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාව එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග දන්වා සිටී.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හෙට දිනයේද (28) හමුවීමට නියමිත බව  සඳහන් වේ.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළද ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද එම නිලධාරියා කීය.

පලාත් පාලන ආයතන සදහා සියයට 30ක්,  පලාත් සභා සදහා සියයට 35 ක් සහ පාර්ලිමේන්තුව සදහා සියයට 40 ක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනාධිපතිවරයා යෝජනා කළද බැසිල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන සදහා සියයට 90 ක්, පාර්ලිමේන්තුව සහ පලාත් සභා සදහා සියයට 70 ක් බැගින් ඉල්ලා සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.