වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකඟ වී ඇතැයි ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය ආරම්භ කර වසර 18 ක් සපිරිම නිමිත්තෙන් ඊයේ (28) දින නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ එම වැටුප ලබාදිම ප්‍රතික්ෂේප කරන වතු සමාගම් රජයට පවරාගෙන එම වැටුප ගෙවිමට හැකි වෙනත් සමාගම් වලට එම වතු පවරා දෙන බවයි.

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තම පක්ෂයේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට තිරණය කල බවත්, නාවලපිටිය ප්‍රදේශයේ වතුකරයේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමටත්, වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල දැමිමට අවශ්‍ය කටයුතු තමන් විසින් සිදු කර ඇති බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

Share.

Comments are closed.