එළැඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලය සඳහා වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමේ අරමුණින් බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2024-03-18 දිනැති ඇමැති මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් මේ වන විට බිත්තර මිලියන 224ක් ආනයනය කර තිබේ.

ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් විය.

ඒ අනුව එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වන පරිදි අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි විය.

Share.

Comments are closed.