ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකයක් විවෘත කර ඇත.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙනි. තවදුරටත් මහජනතාව සහ රේගු දෙපාර්තමේන්තුව අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට මෙම ඒකකය හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරියේදී දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෙතද මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කරන බවත් මෙහි අරමුණ මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.

මෙහිදී පැමිණිලි යොමු කළහැකි මාර්ග ලෙස,

දුරකතන අංක 0112 – 221 331/ 0112 – 221 333/ 0704 – 752 803

විද්‍යුත් තැපැල් ලිපිනය – iau.slcustoms@gmail.com

Whatsapp අංකය – 070 4 752 803

Share.

Comments are closed.