අරගලයකින් පසු අර්බුදයකට මුහුණ දී සිටින බංග්ලාදේශය යළි ස්ථාවර කිරීම සඳහා සහාය ලබාදෙන්නැයි ලෙස එරට නව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් මොහොමඩ් යූනුස් මහතාට සුභපැතිම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ මෙම ඉල්ලීම කර ඇතැයි ද සඳහන්ය.

තමන් බංගලාදේශයට සහාය දැක්වීමට උපරිමයෙන් කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත. දැනටමත් බංගලාදේශයේ ආයෝජනය කර එරට රැඳී සිටින ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ට එහි රැඳී සිට ව්‍යාපාර කරගෙන යන ලෙස තමන් දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයා තවදුරටත් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ.

Share.

Comments are closed.