ඉදිරි ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින්ට ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දන්වා තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදීය.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු දෑ පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කලේ,

“මෙවර විශේෂයෙන්ම ආබාධිත ප්‍රජාව සඳහා අපි නිකුත් කළා තවකාලික හැඳුනුම්පතක්. ඔවුන්ට ඒ තාවකාලික හැඳුනුම්පත පාචිච්චි කිරීමේ හැකියාව තියෙනවා.

වලංගු ජාතික හැඳුනුම්පතක්, වලංගු රියදුරු බලපත්‍රයක් හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක්, සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති විශ්‍රාමික හැඳුනුම්පත හෝ පූජ්‍ය පූජක උතුමන් වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත මේ සඳහා වලංගුයි.

ඒ වගේම මේ කිසිම දෙයක් නැති අයට පුළුවන් තමන්ගේ ග්‍රාම නිලධාරීවරයා සමග මැතිවරණ කාර්යාලයට ගිහිල්ලා තාවකාලික හැඳුනුම්පතක් ලබාගන්න. “

Share.

Comments are closed.