මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා වීසා නිකුත් කිරීම පිළිබඳව ශේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලූ බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය.

අදාළ තීන්දුව ප්‍රකාරව ගතහැකි සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන තිබේ. තවදුරටත් පැහැදිලි කරගත යුතු කාරණා පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලූ බව ලේකම්වරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නීතිපතිවරයා සමඟ ඉදිරි දිනකදී සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

විද්‍යුත් වීසා සේවාව සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි.

ඒ අනුව පසුගිය 2 දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ග ගත ක්‍රමය ඔස්සේ වීසා නිකුත් කිරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය විය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට ගුවන් තොටුපලේදී නිකුත් කරනුයේ “ honorable” වීසා පමණයි.

මේ අතර දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමාකර තිබේ.
ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර 1000 ආසන්න සංඛ්‍යාවක් පමණක් දෛනිකව නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මාර්ග ගත ක්‍රමයට පමණක් දින හා වේලාවන් වෙන්කර ගත් පුද්ගලයන්ට පමණක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.