ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජාතික හැඳුනුම්පත ,වලංගු රියදුරු බලපත්‍රය ,වලංගු ගුවන් ගමන් බලපත්‍රය,සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන වැඩිහිටි හැඳුනුම්පත ,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන විශ්‍රාම හැදුනුම්පත,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පුජ්‍ය පක්ෂය සඳහා නිකුත් කරන පූජ්‍ය ,පූජක හැදුනුම්පත තිබිය යුතුය.

එම හැඳුනුම්පතක් හෝ නොමැති නම් තාවකාලික හැඳුනුම්පතක් හෝ තිබිය යුතුය.

එසේ නොමැතිනම් මැතිවරණ කාර්යාලය මගින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ලබාගත යුතුය.
වලංගු හැඳුනුම්පතක් නොමැති නම් කඩිනමින් ඉන් කුමන හෝ හැඳුනුම්පත් සාදා ගැනීම කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

ලබන සැප්තැම්බර් 21 වනදා පෙරවරු 07.00 පස්වරු 04.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබේ. ඒ සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13000 ස්ථාපිත කිරීමට නියමිත බව පැවසීය.

Share.

Comments are closed.