ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා (Sri Lions Sri Lanka ) සංවිධානය සුවිශේෂී ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟ වලට අනුග්‍රාහකත්වය ලබා දෙමින් ඔවුන්ගේ පළමු වසර ඉලක්කගත මෙහෙයුම සම්පූර්ණ කර ඇත. දේශීය හා විදේශීය ශ්‍රී ලාංකිකයන් අතර සහයෝගීතාව සමඟින් ශක්තිමත් හැඟීමක් බිහි කරන්නට ඔවුන් මෙම කෙටි කාලය තුලදී සමත්ව තිබේ. සංවිධානයේ පලමු වසරේදීම ඔවුන් ඉදිරි කටයුතු වෙනුවෙන් ශක්තිමත් හා සාර්ථක පදනමක් සපයා දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ ලාංකේය ක්‍රීඩා හා ප්‍රජා සත්කාරකත්ව සංවිධානයක් ලෙස මෙම සංවිධානය නිර්මාණය විය. මෙය ලියාපදිංචි සංවිධානයක් වන අතර ශ්‍රී ලංකාව ඇතුළු ඩුබායි හා කැනඩාව යන රටවල උසස් නිලධාරීන්ගේ පිළිගැනීම මෙම සංවිධානයට හිමිව තිබේ.

Sri Lions සංවිධානයේ මෙහෙය වන්නේ සමාජයීය හා ක්‍රීඩා  ක්‍රියාකාරකම්වලින් ශ්‍රී ලංකා ප්‍රජාවට සහාය දැක් වීමයි. ඔවුන්ගේ ඉලක්කගත කණ්ඩායම් අතරට ලමා,තරුණ හා වැඩිහිටි කණ්ඩායම් ඇතුලත් වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන ශ්‍රී ලයන්ස් සංවිධානයට ලියාපදිංචි සාමාජිකයන් 2,500ක් සහ ඔවුන්ගේ ප්‍රජා වැඩසටහන්වලට පුද්ගලයන් 10,000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයක් හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ජනතාව හා අනාගත අභිලාෂයන් නියෝජනය කරමින් ජාත්‍යන්තරව ප්‍රසිද්ධ ක්‍රීඩා සලකුණක් ස්ථාපිත කිරීම ශ්‍රී ලයන්ස් සංවිධානයේ දැක්ම වී ඇත. අනාගතයේදී ද ක්‍රීඩා හා ප්‍රජා සත්කාරකත්ව අංශ වලින් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ට උපරිම සහයෝගය ලබා දීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

Share.

Comments are closed.