ගතවූ මාස 8ක කාලය තුළදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකු ඊයේ (28) පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Share.

Comments are closed.