කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 6.9 ක වැඩි වීමක් වාර්තා කර තිබේ.

මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 8.5ක, 8.5ක සහ 3.7ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් දායක වන ලදී. අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක 2024 වසරේ පළමු භාගයේ දී, 2023 වසරේ දෙවන භාගයේ දී වාර්තා වූ අගයන්ට සාපේක්ෂව වැඩි වේගයකින් වර්ධනය විය.

තවද, වාණිජ සහ නේවාසික අනු දර්ශක වලට සාපේක්ෂව කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වැඩි වී ඇති බව පැහැදිලි වේ.

Share.

Comments are closed.