වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය කියා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, ඉදිරියේ දී එම දැන්වීම් ගලවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි. රථ වාහන වල දේශපාලන පක්ෂවලට අදාල ප්‍රචාරණ දැන්වීම් ඇලවීම නීතිවිරෝධි ක්‍රියාවක් බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිටත් පොලිසිය දැනුම්වත් කර ඇති බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

පොලිසිය මැදිහත් වී එම දැන්වීම් ගැලවීමට යාමේ දී වාහනයට හානි සිදුවිය හැකි බැවින් හිමිකරුවන් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට ඒ මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.

Share.

Comments are closed.