Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඔක්තෝබරයේ සිට ඩිජිටල් පාස්පෝට්
Sri Lankan news

ඔක්තෝබරයේ සිට ඩිජිටල් පාස්පෝට්

kumudikaBy kumudikaSeptember 4, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නවීන විදෙස් ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේ සිට අඩු මිලකට ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වන බව කැබිනට් ප්‍රකාශක ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. දීර්ඝ කාලයක් ගමන් බලපත්‍ර සැපයූ ආයතනය හැර වෙනත් ආයතනයකින් ඩිජිටල්කරණ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම නිසා යම් පමාවක් සිදුව ඇති බවත් ඒ පිළිබඳ රජයක් ලෙස කනගාටුව ප්‍රකාශ කරන බවද හෙතෙම කීවේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ,

“ව්‍යවස්ථාදායකය විසින් ආර්ථික පරිවර්තන පනතක් පාස් කරලා තිබෙනවා. ඒ අනුව තරගකාරී අපනයනාභිමුඛ වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති කරලා කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩි කරන්න ඩිජිටල්කරණයට යා යුතුමයි. නැත්නම් රට ඉස්සරහට ගෙනියන්න බැහැ. නව තාක්ෂණික ඩිජිටල් ක්‍රමවේද නැතුව සිංගප්පූරුව වගේ රටකට ඇතුළු වෙන්නවත් බැහැ.
ඩිජිටල්කරණ හැඳුනුම්පතක් අනෙක් රටවල තිබෙන සම්මතයන්ට අනුව සකස් කරගෙන යන ගමන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව වඩා විනිවිදභාවයෙන් ටෙන්ඩර් කැඳවීම් හා ප්‍රසම්පාදන ක්‍රියාවලින් සිදුවිය යුතු නිසා දීර්ඝ කාලයක් ගමන් බලපත්‍ර සැපයූ ආයතනයෙන් හැර වෙනත් ආයතනයකින් ඩිජිටල්කරණ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම නිසා තමයි පමාව සිදුවෙලා තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. එහිදී ඔක්තෝබර් මාසය වෙනකම් අපට තිබෙන හදිස්සියට ඒ රටවල පාස්පෝට් මුද්‍රණය කර ගන්න බැහැ. දියුණු තාක්ෂණික ක්‍රමවේද මත තමයි ගමන් බලපත්‍රයක් සකස් කරන්නේ.

ඒ ක්‍රියාවලියෙදී හදිසියේ එවැන්නක් මුද්‍රණය කර ගැනීමට ආයතනයක් නැති නිසා මේ ප්‍රසම්පාදන ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිවල ඇති වන විවිධ පමාවීම් නිසා ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවෙලා තිබෙන බව ඇත්ත. ඒ පිළිබඳ රජයක් ලෙස කනගාටු වෙනවා. කනගාටුව ප්‍රකාශ කරන අතරම කඩිනම් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විෂය භාර ඇමැතිවරුනුත් මැදිහත් වෙලා ඒ අනුව ඩිජිටල්කරණය කළ මෙම ගමන් බලපත්‍රයට වඩා අඩු මිලකට ලබාගන්න පුළුවන් නවීන ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේදී ලැබෙනවා. ඔක්තෝබර් වෙනකම් කෙටි කාලයකදී මෙවැනි හිඟයක් තිබෙනවා. “

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAI තාක්ෂණය සහිත නව තාක්ෂණික විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන් 7,500 කට පුහුණුව
Next Article දකුණු කොරියාව බලා 878 වන කණ්ඩායමත් පිටත්ව යයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.