ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.
කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය.
හෙතෙම එම හමුවේදී පල කල අදහස්,
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ තියෙන්නේ. ද්විපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ. බහුපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ. ඒ කියන්නේ සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකට ගැට ගහලා තියෙන්නේ. මේ වෙලාවේ කවුරු හරි ඒකපාර්ශවීයව එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්.
ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ඒකපාර්ශවීයව කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්වීමට බලාපොරොත්තුවක් නෑ. 2032 වෙනවිට අපේ ණය අනුපාතය 98% ඉලක්කමට රඳවා ගත යුතුයි. අපිට යම් පරාමිතීන් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒවා රටකට අහිතකර නෑ. ඒවා ළඟා කරගැනීම නරක දෙයක් නෙමෙයි. එය කවුරු විසින් ලබාදුන්නත් එය ආර්ථික ඉලක්ක නරක ඒවා නෙමෙයි.”