රටේ සියලුම මාධ්‍ය ආයතන මැතිවරණ නීතියට අනුකූලව අපක්ෂපාතීව කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඇතැම් මාධ්‍ය ආයතන යම් යම් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු සිදු කරන බව දිගින් දිගටම කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි සභාපති ආර්.එම්.ඒ.එස්. රත්නායක මහතා පවසයි.

දැනටවත් එම ආයතන ඒ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇති බවද පැවසූ ඔහු එම උපදෙස් අනුව කටයුතු නොකළහොත් ඉදිරියේදී ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසුවේය.

එම ආයතන සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන නිවේදන ලබා නොදෙන බවත් මැතිවරණ ප්‍රතිඵලද ඔවුන්ට නිකුත් නොකරන බවත් හෙතෙම කියා සිටියේය.

Share.

Comments are closed.