නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත් එම විදෙස් ගමන් බලපත්‍ර කඩිනමින් මෙරටට ලැබෙනු ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලබන 15 වැනිදා වන විට ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි. එම විදෙස් ගමන් බලපත්‍ර ලැබීමෙන් අනතුරුව දැනට ඇතිව තිබෙන තදබදය මඟහැරෙනු ඇති බවත් එතෙක් දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.

Exit mobile version