“මාර්තු 12 ව්‍යාපාරය” සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07)පස්වරුවේ පැවැත් වේ.  

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම විවාදය පැවැත්වීමට නියමිතය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අද පස්වරු 3.00 සිට 5.00 දක්වා මෙම විවාදය පැවැත්වෙන බවය.

අද විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගි වෙති.

Share.

Comments are closed.