වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි.

ඉවත් කල සෙසු පිරිස වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන අයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත.

Share.

Comments are closed.