ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ජනාධිපතිවරයාට සිය පත්වීමෙන් පසු දින 10ත් 12ත් අතර කාලයකදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 52ත් 66ත් අතර කාලයකදී මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ මහතා සඳහන් කරයි. මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාගේ අභිමතය මත සිදු කළ හැකි බවත් එසේ නැතිනම් වත්මන් පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වන තුරු පවත්වාගෙන යා හැකි බවත් මැතිවරණ කොම්ෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share.

Comments are closed.