දැනට වාහන ආනයනය කිරීමට පවතින සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමත් සමඟ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමු තිබේ.

මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙරට විදේශ විනිමය සංචිතය කෙරෙහි වන බලපෑම අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් රජයට වාර්ෂිකව ඩොලර් මිලියන නව සියයකට ආසන්න සංචිතය හීන වීමේ අවදානමක් පැන නගින බවද පුරෝකථනය කර තිබේ.

ඒ අනුව එම තත්වය පාලනය කිරීමට හා රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සඳහා නව තිරු බදු හදුන්වාදීමට රජය කටයුතු කරමින් සිටී.

Share.

Comments are closed.