ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි ඊයේ (16)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ලෝකයේ රටවල් 20 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 09 දින සිට 16 දින දක්වා පැවැත්විණි .

මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් තිලිනි ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණයාය.

මහනුවර , පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඇය නිළියක ,නිවේදිකාවක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය දස්කම් විදහා දක්වයි. 

Share.

Comments are closed.