මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්ද ගණන් කිරීම සිදු කරන අවස්ථාවලදී කිසිවෙකුට එම මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තොරතුරු විවිධ ආකාරයට ප්‍රචාරය වී ගැටළු ඇතිවීම් වාර්තා වූ බැවින් මෙවර ඡන්දය ගනන් කිරීමේ නිලධාරීන් කිසිවෙකුටත් ජංගම දුරකථන එම මධ්‍යස්ථාන තුළට රැගෙන යාම තහනම් වනු ඇති.

තවද පෙර පරිදිම ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදීත් ජංගම දුරකථන රැගෙන යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කලේය.

Share.

Comments are closed.