සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි දෙවැනි මනාපය ගණන් කිරීමට අවශ්‍ය කටයුතු වහා සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් උපදෙස් දී ඇත.

ඒ සදහා අමතර නිලධාරීන් සූදානම් කරගැනීමට කටයුතු කරන ලෙසද ලිඛිතව දැනුම් දී තිබේ.

ඡන්ද ගණන් කිරීමේ ස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද යෙදවීමටද කටයුතු කර ඇත.

Share.

Comments are closed.