ජාත්‍යන්තර අරමුදල විසින් ලබාදී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.

එසේම නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව, එම අරමුදල සඳහන් කර ඇත.

බදු ආදායම වැඩි කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලැබීය.

කෙසේ වුවද නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පාර්ශවය ප්‍රකාශ කළේ, සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි දුෂ්කරතාවලට තුඩු දී ඇති බව කියන මූල්‍ය අරමුදලේ ගනුදෙනුව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ ගනුදෙනුව සාදරයෙන් පිළිගන්නා බව ද එම අරමුදල ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණය දෙන්නන්ගේ කමිටුවෙන් තවමත් නිෂ්කාශනය අවශ්‍ය වන බව සඳහන්‍ ය.

මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරන බව, ඔවුන් අවධාරණය කරයි.

Share.

Comments are closed.

Exit mobile version