පැවති රජය විසින් පත්කර ලද ආයතන ප්‍රධානීන් රාශියක් සිය ඉල්ලා අස්වීම් මේ වන විටත් භාරදී ඇති බව සඳහන් ය.

හිටපු ජනාධිපති රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එවක කැබිනට් මණ්ඩලය යටතේ ආයතන පාලනය කරන ලද සභාපතිවරුන් අධ්‍යක්ෂ මණ්ඩල ආදී සියලු ම පිරිස් මෙම දින දෙක තුන ඇතුළත ඉල්ලා අස්වීමට නියමිතය.

නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට අවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල ආයතන ප්‍රධානීන් පත් කිරීමට ඉඩ සලසා දෙමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

කෙසේ වුවද නව ජනාධිපති අනුර දිසානායක මහතා මේ වන තෙක් කිසිදු ආයතනයක ප්‍රධානියකු අලුතින් පත්කර නැත.

Share.

Comments are closed.

Exit mobile version