විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එක් කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක් කර ගෙන පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට මේ අනුව පියවර ගනු ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු විපක්ෂයේ සිටින සියලුම පක්ෂ වෙත ආරාධනා කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ඊයෙ (23) හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදී රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version