රුපියල් මිලියන එක් ලක්ෂ විසිදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (25දා) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 70,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10,000ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියා සිටියි.

මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම සැප්තැම්බර් 27 දා සිදු කිරීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version