නව ආණ්ඩුවක් පිහිටුවීමත් සමඟ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීම හේතුවෙන් දැවැන්ත වර්ධනයක් ළඟා කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කළ බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව දිනයේ දෛනික ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් සියයට 2.87ක දැවැන්ත ඉහළ යෑමක් වාර්තා කරමින් ඒකක 11,659.71 දක්වා ඉහළ ගිය බව එම කොමිෂන් සභාව කියයි.

මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 132.23කින් ඊයේ දිනය තුළ ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 4.09ක දැවැන්ත වර්ධනයකි. ඒ අනුව දිනය අවසන් වන විට එම මිල දර්ශකය ඒකක 3,367.45 දක්වා ඉහළ ගියේය. මේ අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් වශයෙනි.

Share.

Comments are closed.

Exit mobile version