2024 මහ මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වන විට සිදුකරමින් ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඉදිරියේදි මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අනෙකුත් පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ,රජයේ මුද්‍රණාලය ,තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් මැතිවරණය පැවැත්වීම සඳහා සෘජුවම සම්බන්ධ වන රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

පිළිගත් දේශපාලන පක්ෂ 84ක් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කිරීමට නියමිත බව වාර්තා වේ.

ස්වාධින අපේක්ෂකයන්ටද මැතිවරණය සදහා තරග කිරීමට හැකියාව පවතින බව වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version