සැප්තැම්බර් මාසයේ දිවයිනට පැමිණෙන සංචාරක ප්‍රමාණය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවතින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කලේ වීසා නිකුත් කිරීම පිළිබඳ පැන නැගී ඇති ගැටලු ද ඊට හේතුවක් විය හැකි බවයි.
පසුගිය මැයි මාසයේ සිට වීසා සැකසීමේ ආයතනය වෙනස් වීමත් සමග විදෙස් සංචාරකයින් සඳහා එම ක්‍රියාවලිය වඩාත් මිල අධික හා දුෂ්කර වී ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් රටවල් 39ක පුරවැසියන් සඳහා වීසා රහිත සංචාරක අවස්ථා ඔක්තෝබර් මාසයේදී ආරම්භ වනු ඇති බව සභාපතිවරයා විශ්වාසය පළ කර තිබේ.
2024 දී සංචාරක පැමිණීමේ මිලියන 2.3ක් වූ ඉලක්කය කරා ළඟා වීමට එමගින් හැකිවනු ඇතැයි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ මාසයේ සැප්තැම්බර් පළමු වැනි දා සිට 17 දක්වා, විදෙස් සංචාරකයින් 92,639ක් පැමිණ ඇති අතර ඒ සමග මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් ගණන මිලියන 1.45 ඉක්මවා ගොස් තිබේ.

Share.

Comments are closed.

Exit mobile version