ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එල්සිවයර් විද්‍යා ප්‍රකාශකයන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ලෝකයේ ඉහළම විද්‍යාඥයන් 2% වර්ගීකරණය මෙම වර්ෂය සඳහාද එළිදක්වා ඇත.

එම ලැයිස්තුවට මෙවර ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙක් ඇතුළත්ව තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සහ පර්යේෂණ ආයතන 14ක් නියෝජනය කරමින් ඒ පිරිස තේරී පත්ව ඇත. ඒ අතුරින් 9 දෙනෙක් කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය කරයි. ශ්‍රී ලාංකිකයන් 38 දෙනාගෙන් බහුතරයක් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය නියෝජනය කරන පර්යේෂකයන් වේ.

වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් වන සරෝජ් ජයසිංහ, චන්න ජයසුමන, රනිල් ජයවර්ධන, සේනක රාජපක්ෂ, සමත් ධර්මරත්න, සෑම් කුලරත්න, මොහාන් මුණසිංහ, කමනි මෙන්ඩිස් අර්ජුන මැදගම මහාචාර්යවරු ඒ අතර වෙති. මහාචාර්ය චන්න ජයසුමන අඛණ්ඩව වසර 4 ක් මෙම ලැයිස්තුවට ඇතුලත්වීම විශේෂත්වයකි.

Share.

Comments are closed.

Exit mobile version