තානාපති කාර්යාල හා සම්බන්ධ විදෙස් සේවයට ලබාදී ඇති සියලු දේශපාලන පත්කිරීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම දේශපාලන පත්කිරීම් අතුරින් බොහෝමයක් හිටපු මැති ඇමැතිවරුන්ගේ ඥාතීන් හා හිතවතුන් වන අතර ඔවුන් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් හෝ පළපුරුද්දක් සහිත අය නොවන බව අනාවරණය වී ඇත. එසේම එවැනි පත්කිරීම් විදෙස් තානාපති කාර්යාලවලට කිසිදු ප්‍රයෝජනයක් නොවන බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රජයට පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම දේශපාලන හිතවත්කම් හා ඥාති සම්බන්ධතා මත සිදුකළ ඇති සියලු විදෙස් සේවයේ නිරත පුද්ගලයන් මෙරටට කැඳවීමට නියමිතය.

Share.

Comments are closed.

Exit mobile version