වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් ප්‍රියන්ත වීරසූරිය මහතාට පිළිගන්වා ඇති බව සඳහන් වේ.
ඊයේ දින (27) ජනාධිපති කාර්යාලයේ දී මෙම පත් කිරීම සිදු විය.

පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි කාලයක් සේවය කරන ඔහු උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
කොස්තාපල්වරයෙකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු ප්‍රියන්ත වීරසූරිය මහතා පසුකාලීනව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබා තිබේ.

මේ වනවිට 55 වන වියේ පසුවන ඒ මහතා නීතිඥවරයෙකි. ප්‍රියන්ත වීරසූරිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් ය.

Share.

Comments are closed.

Exit mobile version