සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “සක්වල” හා “හුස්ම” ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ මේ වන විටත් පාසල් හා රෝහල්වලට රුපියල් කෝටි 105 කට අධික ප්‍රතිපාදන මේ හරහා ලබාදී ඇති බවය.

මෙරට සෞඛ්‍ය හා අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් පරිත්‍යාගශීලින්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඇති බවද ඔහු පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version